sirasa fm

Monday, July 29, 2013

reminder








ආ යාළුවනේ ගොඩක් කාලෙකින් Android App වලින් හමුව් වෙන්න බැරි උනානෙ. පහුගිය දවස් වල වැඩ ගොඩකට අහු උනා.හරි කමක් නෑ.අද දවසේ තවත් app එකක් එක්ක මම ආවා.
මේ app එකේ නම

ඇත්තටම මේක අපේ සාමාන්‍ය ජීවිතයට වැදගත් වෙන app එකක් කිවොත් නිවැරදියි. අපි සාමාන්‍යන් එදිනෙදා වැඩ කටයුතු කරන කොට පොඩි පොඩි දේවල් අපේ කාර්‍යබහුලත්වය නිසා අමතක වෙලා යනවා .
උදාහරණයක් විදියට කාගෙ හරි උපන් දිනයක්,මොකක් හරි වැදගත් අවස්තාවක් ,කාට හරි කෝල් එකක් sms එකක්, මේ app එක මගින් අපිට මතක් කර දෙනවා.

අපිට ඕන වෙලාවක,දෛනිකව,සති පතා,මාසිකව ,ඒ වගේම වාර්ශිකව reminders සකස් කරන්න පුලුවන්.
ඒ වගේම screen widget එකකුත් තියෙනවා.

ඔයගොල්ලොත් try කරල බලන්න.

මෙතනින් ගන්න

නැවත සුපිරි app එකකින් නැවත මුනගැහෙන්නම්.
වැඩේ හොඳයි කියල හිතෙනව නම් පහත තරුවට කොටාගෙනම යන්න.


EY EM ALL

ගොඩක් කාලෙකින් GAME එකක් ගෙන්න බැරි උන නිසා, ඔන්න අද මම පොඩි GAME  එකක් ගෙනාවා.

එකේ නම

මේකේ තියෙන විශේෂත්වය තමයි මේ GAME එක හදල තියෙන්නේ ලංකාවේ පරිගණක ශිල්පින් පිරිසක් විසින් . GAME එක සරලයි වගේ පෙනුනට ඇත්තටම ටිකක් මොළේ කල්පනා කරලා ගහන්න ඕනි GAME එකක්.

මේකේ සිද්දිය තමයි , "ටූපි " ලා ගේ ගමට පිටසක්වල ජීවින් පිරිසක් ඇවිල්ල පහර දීල ,ඔවුන්ගේ ගම විනාශ කරලා දානවා. ඊට පස්සේ පිටසක්වල ජීවින් ඔවුන්ගේ බිත්තර ඒ "ටූපි " ලගේ ගමේ දාල යනවා. ඕකට තද උන "ටුපි" ගමේ අය පිටසක්වල ජිවින්ගේ බිත්තර විනාශ කරන මෙහෙයුම තමයි අපට කරන්න තියෙන්නේ .

ඔයගොලොත් ගහල බලන්නකෝ ..

මෙතනින් ගන්න ..

තවත් සුපිරි App එකකින් හමුවෙන්නම් ..
වැඩේ හොඳයි නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙනම යන්න .











Thursday, July 25, 2013

sony







Initial Review:


1. Large in size
2. More fast (apps opening quickly) and smooth (now actually a stable, smooth firmware)
3. New Home Launcher with new effect while you scroll the last page
4. No small apps enabled
5. Camera is the same no 3D camera only sweep panorama 
6. Camera opens more quicly (cant say about quality right now)
7. Throw bug on movies app solved
8. Old Calculator app
9. Backup and Restore app still couldn't backup Media Files and Downloaded apps with data
10. Firmware glitches still present 
11. Scrolling call log is still laggy


Android version: Google Android 4.1 (Jelly Bean)
Latest available software: 6.2.A.1.100
Release started: 2013-06-12
To find your device’s current software version:
Settings > About phone > Build number / version

Included in this software

There are many new features in this upgrade for your Xperia™ smartphone, some examples are:
  • Updated, more intuitive versions of Sony Media apps: WALKMAN, Album and Movies
    Lets you view and access all your photos, videos and tunes in one place.
  • Increased options for personalisation
    A revamped home screen experience for handling widgets, apps and shortcuts… With up to 7 desktop panes, widgets that auto-resize and actionable notifications, you have complete flexibility to create the interface you want / need with a few simple touches!
  • Improved app organisation and search
    Application tray sorting is that bit breezier – just press and hold on any app – move, add it to your desktop or create a folder within the tray by dropping it on top of another! We’ve also added a new search function within the application tray that makes it easy to locate your local apps
  • IBattery STAMINA mode
    Make your battery last longer with the new and improved Battery Stamina mode.
  • Google Now
    Combining the power of Google search and user profiling, Google Now helps you accomplish daily tasks more efficiently.

Wednesday, July 10, 2013

phone compare

  • Samsung Galaxy S 4

  • HTC One

  • Apple iPhone 5

  • LG Optimus G Pro

  • BlackBerry Z10

  • Sony Xperia Z

  • LG/Google Nexus 4

  • Samsung Galaxy Note II

     

    Smartphone Comparison Guide 2013 

    හොඳ Smart  Phone එකක් තෝරා ගන්නේ කෙසේද ?


    අද දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳ පොලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙක පරදවා පාරිභෝකික ප්‍රසාදය ලබාගැනීමට සමත්ව ඇත .ඒ සඳහා විවිධ සිත් ඇදගන්න සුළු පහසුකම් සිය ජංගම දුරකථන වලට එක් කිරීමට උත්සුක වී ඇත.
    අද දවසේ 2013 ජනප්‍රිය දුරකථන මාදිලි කිහිපයක features සලකා බලමු

    ප්‍රමාණය
     ජංගම දුරකතනයක මූලික ආකර්ෂණය වන්නේ එහි ප්‍රමාණයයි .සමහරුන් විවිධ display ප්‍රමාණ වලට කැමතියි .

    නිමාව
    මෙහිදී Mobile Phone එක අතට දැනෙන ආකාරය හා පිටට පෙනෙන ආකාරය තීරණය වේ.

    බර
    ජංගම දුරකතනයේ බර පිලිබඳ සමහර පාරිභෝගිකයන් සැලකිලිමත් වේ .

    තිරය
    බොහෝ අය බලන්නේ ජංගම දුරකතනයේ Screen Size එක පමණයි.එත් එහි Resolution අගය හෙවත් ppi (Picxels  Per Inch ) සළකා බැලීම ඉතා වැදගත් . ppi අගය වැඩි නම් එහි Picture කොලිටිය වැඩිය ..

    ප්‍රොසෙසරය
    මේක තමයි බලන්න ඕන වැදගත්ම දෙය. Phone එකේ බලය ප්‍රොසෙසරය මත තීරණය වේ.

    RAM එක
    මේකත් Phone එකේ ක්‍රියාකාරිත්වයට මාර විදිහට  බලපානවා . එත් IPhone එක ගැන බැලුවොත් එකේ RAM එකයි OS එකයි එකිනෙකට සුමටව ක්‍රියා කරයි ..

    අභ්‍යන්තර මතක ගබඩාව
    Phone එකක් ගත්තොත් දාන්න දේවල්ද නැත්තේ ...? ඒ නිසා Memory එක වැදගත් .සමහර Phone වල Internal Memory එකක් ඇති අතර ,තවත් සමහර Phone වල Memory එක Expand කිරීමේ හැකියාවක් නැ .සමහර Phone සඳහා SD slot පහසුකම ලබා දී තිබෙනවා ..

    කැමරාව
    ඊළඟ වැදගත්ම කාරණය .අද කාලේ කැමරාවක් නැති Phone එකක් වැඩක් නෑ . එකේ Picxel ගාන හොයලා බලන එක වටිනවා

    බැටරිය
    අන්න ඊළඟ වැදගත් කාරණය . හැබැයි Smart Phone වල බැටරි ගැන කතාකරනකොට නම් ,Phone එකෙන් වැඩ ගන්න විදිහට තමයි ඒක තීරණය  වෙන්නේ. මොන Phone එකක් ගත්තත් එකේ බැටරිය හරියට maintain කරේ නැති නම් වැඩක් නෑ.

    මෙහෙයුම් පද්ධතිය
    Android ,ios ,Blackberry10 යන මෙහෙයුම් පද්ධති තමයි අද ජනප්‍රිය . හැබැයි ඒ එක්කම බලන්න ඕනි ඒ අදාල OS වලට App  තියෙනවද කියල ..


    මිල
    මොන මොන වැඩ කෑලි තිබ්බත් මිල දැක්කම තමයි Phone ගැනිල්ල එපා වෙන්නේ . ඒත් කීයක් හරි වැඩියෙන් දීල හොඳ Phone එකක් ගන්න එකයි වැදගත් ..

    SAR 

    මේක ගැන ඇත්තටම  අපි වැඩිය හිත්තන්නේ නෑ . ඒ උනාට මාර වැදගත් . SAR අගය කියන්නේ Specific absorption rate ඒ කියන්නේ ඒකක ශරීරයේ කොටසකට අවශෝෂණය කර ගන්නා රේඩියෝ විකිරණ ප්‍රමාණය . ඒක බලන්නේ watt per kilogram .සාමාන්‍යයෙන් ඒක 1.6 w / kg ට වඩා අඩු උනොත් හොඳයි ...



    වැදගත් උනා කියල හිතෙනවනම් පහල වම් පැත්තේ තරුවට කොටාගෙන යන්න .