sirasa fm

Thursday, July 4, 2013

battary

ඔබේ phone එකේ බැටරිය නිසි ආකාරයෙන් නඩත්තු කර ,එහි ආයුෂ වැඩි කර ගන්නේ කෙසේද ..?


  1. ඔබේ Phone එකේ e mail  account එක sync කර තිබේද ..එසේ නම් එය බැටරියේ වැඩි ධාරිතාවක් ලබාගනී. ඔබ කල යුත්තේ phone එකේ settings වෙත ගොස් ,sync වන accounts disable කිරීමයි ..
  2. Bluetooth / WIFI /GPRS  ක්‍රියාවිරහිත කර තබන්න . එය අවශ්‍ය විටකදී පමණක් on කරන්න .
  3. 3G අධිවේගී දත්ත හුවමාරු ක්‍රමයකි ,Signal අඩු අවස්ථා වලදී බැටරියේ standby time එක අඩු කරයි .එවන් අවස්ථා වලදී settings වෙත ගොස් 2G පමණක් select කරන්න.
  4. ඉතාමත් දුර්වල සංඥා ඇති අවස්ථා වලදී Airplane mode එක තෝරන්න ..
  5. Screen එකේ brightness එක හැකිතාක් අඩු කරන්න.
  6. Phone එකේ ඇති අනිත් app ,ඒ කියන්නේ  Games, third party භාවිතා කිරීම අඩු කරන්න .සමහර app GPS භාවිතා කරයි.
  7. සමහර app ඔබ නොදැනුවත්ම phone එකේ ක්‍රියාත්මක වේ .. එවැනි apps සොයාගෙන settings > Apps > Running to check all running apps ලෙස ගොස් ඒවා ක්‍රියා විරහිත කර දමන්න .
  8. Screen එක on වී පවතින කාලය (Screen timeout) අඩු කරන්න .
  9. බැටරිය ක්‍රියා කිරිඉමට නිසි උෂ්ණත්වයක් පවතී . අධික උෂ්ණත්වයත් , අඩු උෂ්ණත්වයත් බැටරියේ ක්‍රියාකාරිත්වයට හානි දායක වේ.ඒ නිසා බැටරිය charge කරන අවස්ථා වලදී phone case එක ඉවත් කර charge කරන්න .
  10. හැම විටම Phone එක සඳහා ලැබුණු චාජරය පමණක් භාවිත කරන්න.
  11. අප භාවිත කරන Phone බැටරිය Li-ion වේ. එහි ඇති " ඉලෙක්ට්‍රොන වල ද්‍රවශීලතාවය " (Liquidity of electrons) නිසි ලෙස නඩත්තු කිරීම වැදගත්ය.ඒ නිසා බැටරියේ බලය සැමදාම 100 % ලෙස පවත්වා ගැනීමට උත්සහ දරන්න. මසකට වරක් Fully Charge කරන්න . ඒ කියන්නේ බැටරියේ බලය 20% තෙක් අඩු වූ පසු චාජරයට සම්බන්ද කර 100% charge වන තුරු තබන්න . පැය 6 කට වඩා charge කරන්න එපා . ඒ සඳහා බැටරි සඳහා ඇති app එකක් භාවිත කරන්න. 
  12. Live Wallpaper භාවිත කිරීම අඩු කරන්න.
  13. charge කිරීම් අතර කාලය හැකි තරම් වැඩි කරන්න .
  14. සමහර දුරකථන සමාගම් කියන්නේ wallpaper සඳහා අඳුරු dark background ඇති wallpaper පාවිච්චි කරන ලෙස .













No comments:

Post a Comment